5 min

Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්‪?‬ CYBER Wiparama

    • Technology

මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ.ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්.ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක සංකල්පයක් තමා හෑශ්ටැග් කියන්නෙ. එය ලාංකික බොහෝ දෙනාට අලුත් අත්දැකීමක් වුන නිසාද කොහෙද, එහි ක්‍රියාකාරිත්වය ගැන වැටහීමකින් තොරව, උන්මාදයකින් මෙන් ඒවා භාවිතා කරනවා අපි දුටුවා; තාමත් දකිනවා. ඒ නිසා අද සයිබර් සටහනෙන් අපි කතා කරමු හෑශ්ටැග් හරි විදියට භාවිතා කරන හැටි කෙටියෙන්.මොකක්ද මේ හෑශ්ටැග් කියන්නෙ?කීබෝඩ් එකේ හෑශ් එහෙම නැත්නම් පවුන්ඩ් කියන සංකේතය ලියලා ඒකත් එක්ක වචනයක් හෝ එක දිගට ලියන වාක්ය කොටස, clickable ටැග් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නෙ ඒ වචනය හෝ වාක්ය කොටස click කලොත් එම හෑශ්ටැග් එකම තියෙන, ඒ සමාජජාලය තුල තියෙන ඕනෙම පෝස්ටුවක් එක්ක එය ගොනු ගත වෙනවා. ඒ කියන්නෙ ඔබ හෑශ්ටැග් එකක් එක්ක යමක් පල කලහොත් ඔබේ සටහන වැඩි පිරිසකට සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් විදියට, ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන විදේශිකයෙක්, #VisitSriLanka හෝ #SriLankaTravel වගේ ටැග් එකක් සර්ච් කලොත්, ලංකාවේ සංචාරකයන්ට අදාල රූප, පුවත්, වීඩියෝ ආදිය ඔක්කොම එක තැනකට ඇවිත් පෙන්වනවා.සරල උපමාවකින් කිව්වොත් හෑශ්ටැග් එකක් කියන්නෙ ඩිජිටල් නූලකින් සයිබර් අවකාශෙ ඒ ටැග් එක තියෙන සියලුම පෝස්ට්, රූප ආදිය එකට ගැට ගහනවා වගේ වැඩක්. මෙයට කියන්නෙ content categorization කියලා. එහෙම එක හෑශ්ටැග් එකකට අදාල සියලු

Top Podcasts In Technology

Acquired
Ben Gilbert and David Rosenthal
Lex Fridman Podcast
Lex Fridman
Your Undivided Attention
Tristan Harris and Aza Raskin, The Center for Humane Technology
All-In with Chamath, Jason, Sacks & Friedberg
All-In Podcast, LLC
Hard Fork
The New York Times
Darknet Diaries
Jack Rhysider