කාර්මික විප්ලවය: මිනිස් ශ්‍රමයේ සිට යන්ත්‍ර බලය දක්වා මෙම පොඩ්කාස්ට් එකෙන් අපි කාර්මික විප්ලවය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරමු. මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය වෙනුවට, යන්ත්‍රසූත්‍ර භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කිරීම ලෙස මෙය හැඳින්වේ. බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ මෙම විප්ලවය, එරට කුඩා දිවයිනක් වීම, ස්වභාවික සම්පත් බහුල වීම, දේශපාලන ස්ථාවරත්වය, ජනගහන වර්ධනය, සහ බැංකු හා මූල්‍ය ආයතන බිහිවීම වැනි හේතු නිසා වේගයෙන් ව්‍යාප්ත විය. විශේෂයෙන් පේෂ කර්මාන්තය, යකඩ හා වානේ කර්මාන්තය, සහ ගල් අඟුරු කර්මාන්තය ඔස්සේ වර්ධනය වූ කාර්මික විප්ලවය, පසුව ප්‍රවාහන, සන්නිවේදන, සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර දක්වා ද පැතිර ගියේය. මෙම විප්ලවය හේතුවෙන් දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික වශයෙන් දැවැන්ත ප්‍රතිඵල ලොව පුරා ඇති විය. ශ්‍රී ලංකාවට කාර්මික විප්ලවයේ බලපෑම කෙසේ සිදු වූවාද යන්නත්, වතු වගාව ආරම්භ වීම, ප්‍රවාහන මාර්ග දියුණු වීම, සහ තැපැල් සේවාවන් ස්ථාපිත වීම පිළිබඳවත් අපි මෙහිදී විමසා බලමු. ලෝකය වෙනස් කළ මෙම ඓතිහාසික පරිවර්තනය පිළිබඳව දැනුම ලබා ගැනීමට අප හා එක්වන්න! The Industrial Revolution: From Manual Labor to Machine Power In this podcast, we delve into the profound transformation known as the Industrial Revolution. This era is characterized by the significant shift from producing goods with human hands to manufacturing them using machinery. Originating in Britain, this revolution rapidly expanded due to several key factors, including Britain's small island geography, its abundance of natural resources like coal and iron, political stability, population growth, and the emergence of banking and financial institutions. The Industrial Revolution primarily flourished through advancements in the textile industry, iron and steel industry, and coal mining. Its influence later spread to transportation, communication, and agriculture, leading to immense political, economic, social, and environmental consequences worldwide. We will also explore how the Industrial Revolution impacted Sri Lanka, including the introduction of plantation agriculture, the development of transportation networks, and the establishment of postal services. Join us to gain a deeper understanding of this pivotal historical period that reshaped the world! Connect with Ceylon Educast Facebook : https://facebook.com/ceyloneducast Instagram : https://instagram.com/ceyloneducast Linkedin : https://linkedin.com/ceyloneducast WhatsApp : https://whatsapp.com/channel/0029Vb6YUSL7dmeXZ9nFjo40