The Loku Effect

Deen

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.

  1. #61 - INCEPTION (2010) with Chanaka Colombage

    11/20/2020

    #61 - INCEPTION (2010) with Chanaka Colombage

    INCEPTION (2010) සාකච්ඡාව with Chanaka Colombage----------------------------------------------------------------------  මං විශ්වාස කරන විදියට ලංකාවේ හොලිවුඩ් ෆිල්ම් වලට ආදරය කරන පිරිසෙන් Christopher Nolan ගේ 2010 release වෙච්ච INCEPTION ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම පුදුමයක් කාරණාවක් වෙයි. ඒකට කමක් නැහැ, එහෙම අසාමාන්‍ය කවුරුහරි  ඉන්නවනම් ලැජ්ජවෙන්න එපා, දැන්මම ගිහින් INCEPTION ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එකක්. ගොඩ කාලෙකට කලින් බලලා අමතක වෙලා වගේ නම් ආපහු බලලම චානක කොළඹගේත් එක්ක කරපු මේ Episode එක අහන්න.  චානක, "සිනමාවේදීන් - The Cinema People" ෆේස්බුක් ගෘප් එකට INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එකටත් හොද ප්‍රතිචාර හම්බවෙලා තිබ්බා. පුලුවන්නම් චානකගේ ඒ ආටිකල් එකත් කියවලම මේ Episode එක අහන්න කියලා කට්ටියට ආරාධනා කරනවා.      චානක මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවකට එකතුවෙන හතරවෙනි වතාව මේක. අපි මීට කලින් Memento, Donny Darko, Interstellar වගේ චිත්‍රපටි විචාරය කරන්නත් එකතුවුනා. ඉතින් ඒ ෆිල්ම් වුත් බලලා තියෙනවනම් ඒ Episode ටිකත් අහන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා. චානක මේ සියලුම Episode සදහා දක්වපු උනන්දුව සහ කැපවීම ගැනත් මං චානකට ස්තුතියි වන්ත වෙනවා. එහෙනම් කට්ටියම INCEPTION ෆිල්ම් එක ගැන කරපු මේ සාකච්ඡාව අහලා, ඇහුවට පස්සේ එන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා. -------------------------------------------------------------------- චානක, "සිනමාවේදීන්" ගෘප් එකේ පළකරපු INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එක කියවන්න https://www.facebook.com/groups/thecinemapeople/permalink/1328784424128621

    3h 31m
  2. #60 - "Dekala Purudu Kenek - 2019" with Ruwishan Vimukthi

    11/04/2020

    #60 - "Dekala Purudu Kenek - 2019" with Ruwishan Vimukthi

    "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපට සංවාදය with Ruwishan Vimukthi--------------------------------------------------------------  "The ලොකු Effect Podcast" එකේ 60 වෙනි Episode එකෙන් තවත් ලස්සන සිංහල චිත්‍රපටියක් අරගෙන මාත් එක්ක සාකච්ඡාවකට එකතුවෙන්නේ රුවිෂාන් විමුක්ති. 2019 නිකුත් වෙච්ච, මලිත් හෑගොඩ අධ්‍යක්ෂණයෙන් දායක වුන "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටය තමයි අපි මේ episode එකෙන් සාකච්ඡා කරන්නේ.  එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ මේ Episode එකෙන් අපි මේ ෆිල්ම් එකේ මතුකරන කරුණු බොහොමයක් වගේම මාතෘකාවෙන් පරිබාහිර කරුණු කිහිපයකුත් පිලිබදව සාකච්ඡා කරනවා. එහෙනම් "දැකලා පුරුදු කෙනෙක්" ෆිල්ම් එක බලපු කට්ටියම මේ Episode එක අහන්න කියලා ආරාධනා කරනවා, ඒවගේම අහපු කට්ටියට මේ Episode එක ගැන වගේම මේ Podcast එක ගැන යම්කිසි අදහසක් උදහසක් යෝජනාවක් තියෙනවනම් කියන්නත් අමතක කරන්න එපා.  -----------------------------------------------------------------Episode list එකේ පල්ලෙහට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් මං මේ වෙනකොට චිත්‍රපට ගණනාවක්, චිත්‍රපටවලට ආදරය කරන,  සාකච්ඡාවට බදුන් කරන චිත්‍රපටය ගැන සාපේක්ෂව හොද දැනුමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ රසිකයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මං ආරාධනා කරනවා කට්ටියටම ඔයාල බලපු, ආසකරන, අපි සාකච්ඡා කරලා තියෙන ඒ චිත්‍රපටයට අදාළ Episode ටික  අහන්න කියලා. . කොහෙවත් DVD ගන්න තිබ්බේ නැහැ. මට හෝල් එකේ බලන්නත් බැරි වුනා. මම බැලුවේ Gluuoo by Derana එකේ. මේකේ ලංකාවේ ගොඩාක් හොද ෆිල්ම්ස් පොඩි ගානකට Stream කරනවා.     ----------------------------------------- Official Facebook page www.facebook.com/thelokueffect/

    2h 22m
  3. #59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru

    10/30/2020

    #59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru

    Zindagi Na Milegi Dobara (2011) with රංගන ඉසුරු-------------------------------------------------------------------------  අපි අද "The ලොකු Effect Podcast" එකෙන් සාකච්ඡා කරන්නේ, අපි මේ ගත කරන ජීවිතය ගැන දෙපාරක් හිතවන්න හොද උත්සහයක් දරන  ලස්සන හින්දි චිත්‍රපටියක් ගැන, ඒ තමයි 2011 වර්ෂයේ තිරගතවුන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය. මේ ෆිල්ම් එකේ රිතික් රෝෂන්, ෆර්හාන් අක්තාර්, කත්රීනා කයිෆ් වගේ ජනප්‍රිය වගේම රංගන කුසලතාවයෙන් හෙබි නළු නිලියෝ සම්බන්ද කරගෙන නිෂ්පාදනය වුන ලස්සන බොලිවුඩ් චිත්‍රපටියක්.  ඉතින් මේ ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්න මාත් එක්ක එකතුවෙන්නේ රංගන ඉසුරු, රංගන මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡා කරන්න මේ Podcast එකෙන් එකතුවෙන පළමුවෙනි අවස්ථාව. මේ ෆිල්ම් එක සාකච්ඡා කරමු කියන යෝජනාව කලෙත් රංගන. රංගන සහ මම මේ ෆිල්ම් එකේ කියවෙන දේ ගැන ටිකක් විස්තරාත්මක පැහැදිලිකරගැනිමක් කරගන්න කරන උත්සාහය යම්තාක් දුරකට සාර්ථක කරගන්න ලැබුනා කියලා මං විශ්වාස කරනවා.   එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඊටපස්සේ අපි මේ ෆිල්ම් එකේ සාකච්ඡා කරන කරුණු කාරණා ගැන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා.

    2h 30m
  4. #58 - The Dark Knight (2008) with Althaaf and Alqaaf

    10/15/2020

    #58 - The Dark Knight (2008) with Althaaf and Alqaaf

    The Dark Knight (2008) පිළිබද සංවාදය with Althaaf and Alqaaf ----------------------------------------------------------------------------- Christopher Nolan අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2008 වසරේ නිකුත් කල, Batman චරිතය අලලා නිෂ්පාදය කල චිත්‍රපට තුනකින්(Trilogy) සමන්විත චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය ලෙස නිකුත් වෙච්ච "The Dark Knight" චිතරපටිය එතෙක් මෙතෙක් බිහිවූ කොමික් චරිත අලලා හෝ කොමික් නොවන ගණයේ නිෂ්පාදනය වුන චිත්‍රපටි අතුරින් විශිෂ්ට ගණයේ හීලා සැලකිය හැකි චිත්‍රපටයක් කිව්වොත් වඩාත් නිවැරදි.  Althaaf සහ Alqaaf සහෝදරයන් මෙම චිත්‍රපටයට වූන සුදානම පිළිබද මම සියයට සියයයක් සතුටු වෙනවා වගේම මෙම චිතපටිය විචාරයෙදී Hameem සහෝදරයන් හොද සාධාරනයක් ඉෂ්ට කළා කියලත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මේ Episode එක Althaaf සහ Alqaaf, "The ලොකු Effect Podcast" එකෙන් චිත්‍රපටයක් ගැන සංවාදයකට සහභාගීවුන සාර්ථක තුන්වෙනි Episode එකයි. අපි මේ Episode එකෙන්, Christopher Nolan අධ්‍යක්ෂකවරයා පිළිබද හැදින්වීමක්  Batman/Bruce Wayne, Joker චරිත කොමික් පොත් ආශ්‍රිතව ගොඩනැගුනු ආකාරය(ඉතිහාසය) Nolanගේ මෙම චිත්‍රපට ත්‍රිත්වයට පෙර නිෂ්පාදයන වුන Batman සහ Joker චරිත අලලා ගොඩනැගුන චිත්‍රපටි සහ එහිදී මෙම චරිත නිරුපණය කල නළුවන් පිළිබද හැදින්වීමක් මෙම චිත්‍රපටයේ Christian Bale නිරුපණය කරන Batman චරිතය/රංගනය  සහ අප අතරින් වියෝවුන අසහාය නළු Heath Ledger රගපාන Joker චරිතය පිළිබද වගේම සෙසු චරිත ගැනත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් Althaaf සහ Alqaaf සුදු කරනවා. විශේෂයෙන්ම The Dark Knight චිත්‍රපටයට පාදක කරගත්ත කතාව ගැනත් අපි මේ Episode එකෙන් සාකච්ඡා කරනවා.  ඉහත සදහන් කල කාරණා ඇතුළු කරුණු ගණනාවක් ගැන අපි මෙම Episode එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ Episode එක අහන හැමෝටම Batman චරිතය පිළිබද ගැඹුරු අදහසක් ලබාගන්න පුළුවන් වෙයි කියලා (මේ සාකච්ඡාවට කලින් මං විශ්වාස කලෙත් නැහැ මේවගේ කොමික් චරිතයකට මේවගේ depth එකක් ගැඹුරක් සහිතව චරිත ගොඩනගනවා ඇති කියලා) එහෙනම් මං හැමෝටම ආරාධනා කරනවා හැමෝටම මේ Episode එක සම්පුර්ණයෙන්ම අහලා ඔයාලගේ අදහස් සහ ධනාත්මක විවේචනත්    ඉදිරිපත් කරන්න කියලා.

    3h 11m
  5. #56 - Damitha Nipunajith - Science Fiction Author

    09/16/2020

    #56 - Damitha Nipunajith - Science Fiction Author

    විද්‍යා ප්‍රබන්ද ලේඛක දමිත නිපුණජිත් සමග කල සාකච්ඡාව-------------------------------------------------------------  සිංහල භාෂාවෙන් ලියවුන ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ද පොත් අතුරින් මම පෞද්ගලිකව ඇලුම් කරපු, සිතට දැනුනු, Mind Blowing ගනයේ පොත් දෙකක් තමයි "විස්මිත සිහින දකින්නා" සහ "කාලාවකාශයේ සිරකරුවා". මේ පොත් දෙකම කෙටි කතා එකතුවක ප්‍රතිපලයක්. මම මේ පොත් කියවනකන් හිතුවේ නැහැ ලංකාවේ සිංහලෙන් මේ වගේ ලස්සනට හිතලා විද්‍යා ප්‍රබන්ද ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙලා ඇති කියලා. ඉතින් මේ පොත් කියෙව්වට පස්සේ මට හිතුනා මේ පොත් ලියපු, මේ පොතට පාදකවෙච්ච කතා ඔලුවේ මැවිච්ච දමිත නිපුනජිත්ව මගේ මේ Podcast එකට එකතුකර ගන්න.  මේ පොත් ගැන වගේම තවත් කාරණා පිළිබඳව මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ගණනාවකට දමිතගේ අදහස් මේ Episode එකෙන් දමිත ඉදිරිපත් කරනවා. ඉතින් විද්‍යා ප්‍රබන්ද වලට ආසකරන්න, දමිතගේ පොත් කියවපු රසිකයන්ට වගේම, අනාගතයේදී විද්‍යා ප්‍රබන්ද ලේඛනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙන හැමෝටමත් මට වගේම සැහෙන ගොඩක් දේවල් මේ Episode එක අහලා දැනගන්න ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඔයාලගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්නත් එපා. --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

    1h 30m
  6. #55 - අසන්ධිමිත්තා (2019) with Ruwishan Vimukthi

    09/09/2020

    #55 - අසන්ධිමිත්තා (2019) with Ruwishan Vimukthi

    අසන්ධිමිත්තා (2019) චිත්‍රපට සංවාදය with රුවිශාන් විමුක්ති----------------------------------------------------------අශෝක හදගම අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2019 වර්ෂයේ නිකුත් වෙච්ච අසන්ධිමිත්තා චිත්‍රපටිය රසික අවධානයට වගේම කාගේත් කතාබහට ලක් වුන චිත්‍රපටියක් වුනා. හැබැයි අසන්ධිමිත්තා මට නරඹන්න හම්බවුනේ මෑතකදී. ඉතින් බලපු පලවෙනි පාරම තේරුනේ නැතත් දෙවෙනිවර බැලුවහම යම්කිසි දුරකට කතාව තේරුම්ගන්න පුළුවන් වුනා. මිනිස්සු චිත්‍රපටි බලන්නේ ප්‍රේහෙලිකා පුරවන්න නෙවෙයි කිව්වට මම බලපු චිත්‍රපටියකින් අවසානයේදී යම්කිසි දෙයක් හිතන්න ඉතිරිකරවනම් මම පෞද්ගලිකව කැමති. ඉතින් අසන්ධිමිතත් අපි කියන ඒ Mind blowing වර්ගයේ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදි.  ඉතින් මම හිතුවා මේ වගේ ෆිල්ම් එකක් සාකච්ඡා කරන්න සුදුසුම කෙනා රුවිශාන් විමුක්ති කියලා. මොකද රුවිශාන් තමයි මට මේ ෆිල්ම් එක බලන්නත් මුලින්ම අදහස දුන්නේ. රුවිශාන් එක්ක සාකච්ඡාව පවත්වන අවස්ථාවෙත් අසන්ධිමිත්තා කථාව මම සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන තිබ්බෙත් නැහැ, නමුත් රුවිශාන් එක්ක කරපු සංවාදයෙන් පස්සේ මේ ෆිල්ම් එක ගැන තිබ්බ ගැටළු ගොඩක් නිරාකරණය කරගන්න පුළුවන් වුනා. එහෙනම් රුවිශාන් විමුක්තිත් එක්ක අසන්ධිමිත්තා චිත්‍රපටිය ගැන කරපු සාකච්ඡාව මේ චිත්‍රපටිය  තේරුම්ගත්තු වගේම තේරුණේ නැති කට්ටියටත් අහන්න කියලා ආරාධනා කරනවා.        --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

    2h 30m

About

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.